ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සදහා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන වැඩසටහන ආරම්භ වූවේ 2023 වසරේ දීය.
එහිලා වඩා නිශ්චිත හා කේන්ද්‍රීය සිදුවීම ලෙස 2023 මැයි මාසයේ දී එම මෙහෙයුම සදහා බහු පාර්ශවීය මෙහෙයුම් කමිටුවක් පත් කිරීිම සැලකිය හැකිය.
එම කමිටුව පත්කළ ආකාරයම මේ වන විට විවාද සම්පන්න වී ඇත.ඊට හේතුව එහිලා ප්‍රාමාණික මාධ්‍ය සංවිධාන හා විද්වත් ,වෘත්තික නියෝජනයක් නොවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාය.
ප්‍රාදේශීය තලයේ මාධ්‍ය සංවිධාන වල සිට ජාතික තලයේ ප්‍රධාන සංවිධාන අතර වන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය පවා මෙහිලා නියෝජනය නොවීම ඒ චෝදනා එල්ල වීමට හේතු වූවේය.
ඒ හැරුණු විට මේ සදහා පත් කරන ලද බහු පාර්ශවික කමිටුවේ සාමාජිකත්වය දරන බවට මෙම ප්‍රතිපත්ති කෙටුම්පතෙහි දක්වා ඇති ශ්‍රී ලංකා කතෘ සංසදය මේ වන විට තමන් එවැනි සාමාජිකත්වයක් නොදරන බව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ කෙසේ වෙතත් මෙම කමිටුව 2023 මැයි මස සිට අට වතාවක් රැස්ව ඇති අතර 2023 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා විවිධ පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ රැස්වීම් හතක් ද පවත්වා ඇත. එමගින් සම්පාදනය කළ කෙටුම්පත තව දුරටත් සලකනු ලැබුවේ ශුන්‍ය කෙටුම්පතක් (Zero Draft) ලෙසය.ඊට හේතුව තව දුරටත් /මුල සිටම එය සංවර්ධනය කිරීමට ඉඩ ඇති කෙටුම්පතක් ලෙස සැලකීම සදහාය.
එම අර්ථයෙන් ගත් විට එවැනි ඉඩක් සලසා තිබීම පුළුල් සහභාගිත්වයෙන් කෙටුම්පත ගොඩනැගීම සදහා වන ඉදිරිගාමී පියවරකි.එමෙන්ම කෙටුම් පතෙහි අන්තර්ගතයට මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාර දෙස බලන විටද බහුලව ලැබී ඇත්තේ ධනාත්මක ප්‍රතිචාර බව දක්නට ලැබීම ද යහපත් තත්වයකි.
මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ කෙටුම්පතට එල්ල වන විවේචන අතරින් වැඩි ප්‍රමාණයක් එල්ල වන්නේ කෙටුම්පත ගොඩනැගීමෙහිලා අනුගමනය කළ ක්‍රියාමාර්ගයට වීමය.
එහිලා සිදුව ඇති වරද මුලුමනින්ම නිවැරදි කළ නොහැකි නමුත් හාණිය අවම කොට අනාගතය සැලසුම් කිරීම කළ නොහැක්කක් නොවේ.
එසේ නිවැරදි කර ගනිමින් හෝ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගාගැන්මේ අවශ්‍යතාව මෙරට ඉතිහාසය විසින් ද යළි යළිත් පෙනවා දෙයි.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක නමින්ම නොවූවද මෙරට ජනමාධ්‍ය භාවිතය යහපත් පදනමක පිහිටුවීම සදහා
ගනු ලැබූ විවිධ උත්සාහයන් ගණනාවක් මෙරට ඉතිහාසයෙන් හමුවෙයි.
ලැබූ ප්‍රතිපල කෙසේ වෙතත් 1960 දශකයේ සිට මෙරට මාධ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් කිහිපයකට මුල පිරුවේය.ලේක්හවුස් ජනසතුව හා පුවත් පත් මණ්ඩලය බිහිවීම ආදිය එහි ප්‍රතිපල ලෙස හදුනා ගත හැකිය.
1980 දශකයේ පැන නැගුණු සමාජ දෙශපාලන කැළඹීම් සහ පරිවර්තන ද හේතු කර ගනිමින් 90 දශකයේ ජනමාධ්‍ය භූමිකාව තියුණු ලෙස අභියෝගයට ලක්වීම හේතුවෙන් පැවති මාධ්‍ය භාවිතයෙහි ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව වඩා තියුණු ලෙස ඉස්මතු විය. එය වඩා නිශ්චිතව ප්‍රකාශයට පත වූ අවස්ථාව ලෙස 1994 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය හදුනා ගත හැකිය.
94 මැතිවරණයෙන් පසු මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කැබිනට් පත්‍රිකාවක් මගින් ම ප්‍රකාශයට පත්වීම එහිලා විශේෂ සලකුණක් විය.එමගින් අපේක්ෂිත සියලු කරුණු සාක්ෂාත් කරගත නොහැකි වුවද ඉදිරි ක්‍රියාමාර්ග සදහා එයින් පැහැදිලි මග පෙන්වීමක් ලැබී තිබිණි. 1996 ආර්.කේ. ඩබ්. ගුණසේකර කමිටුවද විෂය කරුණු 14 ක් යටතේ එවැනිම මග පෙන්වීමක් ලබා දී තිබිණි .
ඒ අතර 1998 වසරේ ජනමාධ්‍ය නිදහස හා සමාජ වගකීම තේමාව කර ගනිමින් කොළඹ පැවැත්වූ සම්මන්ත්‍රණය මෙරට මාධ්‍ය ප්‍රතිපත්ති නව මානයකින් පෝෂණය කළේය .මෙරට අනාගත ජනමාධ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මෙන්ම ප්‍රතිසංස්කරණයට එමගින් පුළුල් දැක්මක් ඉදිරිපත් කෙරුණි .මාධ්‍ය ආයතන වල සහ එම කාර්ය මණ්ඩල වගකීම් ඇතුළු ස්වෙච්ඡා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම ඒ ඉදිරි දැක්මෙහි කේන්ද්‍රිය සළකුණක් විය.
එතැන් සිට 2005 වසරේ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ද , එම වසරේම තෝලංගමුව ප්‍රකාශනය ද 2007 වසරේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ද 2016 වසරේ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සදහා වන ලේකම් කාර්යාලයේ වාර්තාව ද ඇතුළු තවත් වාර්තා ගණනාවකින් ගුණාත්මක මාධ්‍ය භාවිතයක් සදහා මාර්ගෝපදේශ ඉදිරිපත් විය.
මේ සියලු මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තේමාවන් 7 ක් යටතේ පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරීත්වයට ඉදිරි දැක්මක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවද මෙරට මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ තීරණාත්මක පියවරක් විය. ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කළ යුතුය යන යෝජනාව එහි පැහැදිලව සඳහන්ව තිබේ. 2023 වසරේ ශ්‍රී ලංකාව සඳහා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ වන්නේ ඒ පසුබිම තුළය.
ආණ්ඩු බලය වෙනස්වන විට ජාතික ප්‍රතිපත්ති වෙනස් වීම ශ්‍රී ලංකාව තුළ කාලයක සිට දකින්නට ලැබෙන දුර්ගුණයක් වුවද මෙම අවස්ථාවේ තත්ත්වය ඊට වෙනස්ව තිබේ. එනම් පසුගිය වික්‍රමසිංහ පාලනය යටතේ, ආරම්භ වූ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියනව ආණ්ඩුව යටතේ නොකඩවා ඉදිරියට යන බව පෙන්නුම් කිරීමයි.
එහෙත් මෙබඳු ක්‍රියාවලියක අනිවාර්ය කොන්දේසියක් විය යුතු සියලු පාර්ශවකරුවන් මෙම ක්‍රියාවලියට සම්බන්ධකරගැනීමේ හැකියාව තවමත් දක්නට නොලැබීම පැහැදිලි අඩුවකි. මේ වන විට විවිධ පාරශවකරුවන්ගෙන් අදහස් විමසමින් සිටින අතර එහිලා පහසුකාරීත්වය සපයන බහුපාර්ශවීය කමිටුව තවමත් එය සලකන්නේ පූර්ව කෙටුම්පතක් වශයෙන් ( zero draft ) නිසා මෙතෙක් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ පාර්ශවකරුවන්ද සම්බන්ධ කරගැනීමවට තවදුරටත් බාධාවක් නැත.
එබැවින් මෙම ගැටළුව විසඳා අදාළ සියලු පාර්ශවකරුවන් සම්බන්ධකරගැනිමින් ශ්‍රී ලංකාව සඳහා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට වගකිවයුත්තන් පියවර ගත යුතුය.
එසේ නොමැතිව බිහිවන ජාතික ප්‍රතිපත්තියක සුජාතභාවය ඒ පුළුල් සම්බන්ධාතාවය හා සහභාගිත්වය නොමැතිවීමෙන්ම අභියෝගයට ලක් වේ. අනාගත ශ්‍රී ලංකාව සදහා
යහපත් ජාතික මාධ්‍ය
ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමට අවංක උනන්දුවක් ඇත්තේ නම් එම අභියෝගය කෙරෙහි දැඩි අවධානයක් යොමු විය යුතුය.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!