Category

Sinhala

Curated stories exploring this theme.

19 articles

Jun 02, 2026

බලසතුන්, බලසතු පැලැන්ති, නීතියේ ආධිපත්‍යය, සහ යුක්තිය පසිඳලීම

දේශපාලන සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සහ සමාජ න්‍යාය තුළ elite යන පදයට සිංහල ව්‍යවහාරය වනුයේ ‘ප්‍රභූ පැලැන්ති’ යන්නය. එහෙත්  elite යන්නට මා යෝජනා කරන්නේ ‘බලසතු පැලැන්ති’ යන පදය ය. ‘වරදානිත පැලැන්තිය’ කියූවත් සුදුසුය. ‘එලිත් පැලැන්තිය’ කියූවත් නරක නැත

By ධම්ම දිසානායක

May 26, 2026

ෆෙඩරල්වාදය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ නව සංවාදයක්.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ෆෙඩරල්වාදය, බලය විමධ්‍යගත කිරීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව උතුර හා දකුණ අතර නැවත මතුවෙමින් ඇති සංවාදය විමසයි. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ දේශපාලන උරුමය සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ව්‍යවස්ථාමය මැදිහත්වීම් ඔස්සේ, සාමකාමී හා එකඟතාවයකට පැමිණිය හැකි විසඳුමක් සඳහා රට ඉදිරියේ ඇති අභියෝගය මෙහි අවධාරණය කෙරේ.

By චන්ද්‍රනාථ

May 12, 2026

විජේට විවෘත ලිපියක්: ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ විජේ වෙත ලියන ලද මෙම විවෘත ලිපිය මඟින්, ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ඔහුට අවධාරණය කරයි. අතීතයේ පැවති පටු ජාතිකවාදී දේශපාලනයෙන් සහ එල්ටීටීඊ හිතවාදයෙන් ඈත් වී, ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සැබෑ ගැටලු විසඳීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සමඟ එක්ව නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ගොඩනඟා ගන්නා ලෙස කතුවරයා මෙහිදී උපදෙස් දෙයි.

By M.R. Narayan Swamy

May 12, 2026

ශ්‍රී ලංකාවේ ලෞකිකවාදය සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාවය:

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනයේදී ආගම සහ රාජ්‍යය දැඩිව වෙන් කරන යුරෝපීය ලෞකිකවාදී ආකෘතියට වඩා, බී. ආර්. අම්බෙඩ්කර්ගේ "ප්‍රතිපත්තිමය දුරස්ථභාවය" මත පදනම් වූ ආකෘතිය මෙරටට වඩාත් උචිත වන ආකාරය මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ. එමගින් බුදුදහමට හිමි ප්‍රමුඛ ස්ථානය සංස්කෘතික භාරකාරත්වයක් ලෙස යළි අර්ථකථනය කරමින්, සියලු පුරවැසියන්ගේ සමාන අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

By One Text Initiative

May 02, 2026

ලාල්කාන්ත සහ සමාජ ප්‍රාග්ධනය: සංකල්පීය පදනම්, ප්‍රධාන චින්තකයින්, සහ සමකාලීන අදාළත්වය

මේ දිනවල ලංකාවේ ඇතැමුන්ගේ හාස්‍යජනක මාතෘකාවක් වී ඇති ‘සමාජ ප්‍රාග්ධනයට’ සාධාරණයක් කිරීම මෙම එක්රැස් කර ලියා ඉදිරිපත් කිරීමේ අරමුනයි. විටින් විට මතුවන ප්‍රකාශ සහ ව්‍යවහාර අපට වැදගත් වන්නේ ඒවා පිලිබඳ ඇති මූලධාර්මික, න්‍යායික, සහ ශාස්ත්‍රීය පදනම් කෙරෙහි අවධානය යොමු වුනොත් ය යන්න මගේ අදහසයි. එසේම මෙරට රාජ්‍ය ප්‍රතිපත්තිමය සංවාදයට එවැනි සොයාබැලීමක් අත්‍යාවශ්‍ය ය.

By ධම්ම දිසානායක

Apr 22, 2026

ප්‍රකාශනයේ නිදහස; සදාචාරාත්මක, සමාජීය, සහ නීතිමය සීමා

ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මූලික ගලක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර, පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමට, අධිකාරියට අභියෝග කිරීමට සහ පොදු ජීවිතයට සහභාගී වීමට හැකියාව ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (19 වන වගන්තිය) වැනි ප්‍රධාන ජාත්‍යන්තර මෙවලම්වල එය ආරක්ෂා කර ඇති අතර, එය “ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු සහ අදහස් සෙවීමට, ලබා ගැනීමට, සහ ලබා දීමට” ඇති අයිතිය තහවුරු කරයි. කෙසේ වෙතත්, මෙම නිදහස නිරපේක්ෂ හෝ සීමා රහිත එකක් නොවේ.

By ධම්ම දිසානායක

Apr 07, 2026

ඉන්දියාවේ ව්‍යවස්ථා වීරයා ; බීම්රාවෝ අම්බෙඩ්කාර්

ශ්‍රී ලංකාව සඳහා උචිත ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය විවිධ මානයන් ඔස්සේ තවදුරටත් ඉදිරියට විකාශනය වෙමින් තිබේ.එහිදී මෙරට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙහිලා පාදක කරගත හැකි ජාත්‍යන්තර තළයේ මාර්ගෝපදේශයන් කවරේදැයි විමසා බලන විට ශ්‍රී ලංකාවෙහි අසල්වැසියා වන ඉන්දියාව ඉදිරියෙන්ම සිටින සිටින බව නිරීක්ෂණය වේ.ඉන්දියාවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් - ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් ⁣පිළිබඳ සඳහනකින් තොරව ඉදිරියට ගෙන යා නොහැකිය

By ධම්මික සෙනෙවිරත්න

Mar 31, 2026

විධාන රාජ්‍යය, නිර්බාධ රාජ්‍ය, සහ නියාමන රාජ්‍යය: අපි කොතැනද?

ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිලිබඳ ප්‍රතිපත්ති සංවාදය තුළ වැඩි ඉඩක් ගෙන ඇත්තේ රාජ්‍ය ආකෘතිය හෝ බලය බෙදීම හෝ මධ්‍යගත කිරීම පිලිබඳ සංවාදය මිස එහි  දර්ශනය, පටිපාටි, සහ අන්තර්ගතය ගැන නොවේ. එනම් පවත්නා රාජ්‍ය සහ ආණ්ඩු ආකෘතිය ප්‍රතිසංස්කරණයට ලක් කොට පවත්නා තත්ත්වය කළමනාකරණය හෝ පවත්වාගෙන යාම පිලිබඳ සංවාදය ය.

By ධම්ම දිසානායක

Mar 23, 2026

ඇමරිකා එක්සත් ජනපදය-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ සැබෑ පරාජිතයින් කවුද? තුන්වන ලෝක දෘෂ්ටියකින් විශ්ලේෂණයක්

ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුමක සැබෑ පරාජිතයින් වන්නේ සටන් බිමේ පාර්ශවයන් නොව, එහි ආර්ථික හා සමාජීය කම්පනවලට ලක්වන තුන්වන ලෝකයේ ජනතාවයි.

By ධම්ම දිසානායක