එතරම් ප‍්‍රසිද්ධියට පත් නොවූ නමුත්, පළාත් සභා මැතිවරණය පිළිබඳ තවත් විශේෂ ප‍්‍රකාශයක් පළාත් සභා විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සිදුකර තිබේ. එමගින් ඔහු කියා ඇත්තේ නීතිමය ගැටලුවක් හේතුවෙන් 2017 සිට නැවතී ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා ක‍්‍රම සහ විධි සොයා ගැනීමට රජය සියලු දේශපාලන පක්ෂ සහ අදාළ සිවිල් සංවිධානවල රැස්වීමක් කැඳවීමට නියමිත බවය.
පළාත් සභා මැතිවරණය ඇසුරෙන් පැන නැගුනු සීමා නිර්ණ වාර්තාවට අදාළ ගැටලු විසදාගැනීම සදහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමේ උත්සාහය මෙම විෂය භාර හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ යුගය දක්වා දිවෙයිග එහෙත් පසුව තමන්ම සැකසු යෝජනාවට එරෙහිව ඡන්දය කල් දමා ගැනීම සදහා තමන්ම ඡන්දය දුන් මහජන නියෝජිතයෙක් බවට එම අමාත්‍යවරයා පත්විය.
කෙසේ වෙතත් එම පාලනය බිද වැටී නව පාලන බලයක් පිහිටුවීමට සමත් වන ජාතික ජන බලවේගය තමන් බලයට පත්වීම සදහා ජනතාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මෙම ගැටලුව පිළිබඳ තමන්ගේ ස්ථාවරය හා ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිව සදහන් කිරීමට පියවර ගෙන තිබිණි.
,පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ,ශී‍්‍ර ලංකීය ජාතියක් - විශ්වීය පුරවැසියෙක්, යන ඡේදයෙහි 230 අංක දරන පිටුවෙහි මෙසේ සදහන්ව තිබිණි ල ,දැනට දින නියමයක් නොමැතිව කල් තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් ඇතුළත පවත්වා ජනතාවට පාලනය සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම, :පිටුව 230* තම අරමුණ බව එමගින් කියැවිනි.
පාලනයට සම්බන්ධ වීම සදහා ජනතාවට අවස්ථාව සලසා දීම ලෙස මෙහි අර්ථ ගැන්වෙන අදහස අතිශය වැදගත්ය. අද වනවිට වසර හතකට වැඩි කාලයක් තිස්සේ මෙරට බිම් මට්ටමේ පවතින ප්‍රධාන පාලන ව්‍යූහයක් සදහා මහජන නියෝජිතයන් පත්වන්නේ නැතග නීත්‍යනුකූලව තවමත් බලපවත්වන මෙම ව්‍යූහයන් පාලනය කෙරෙන්නේ විධායක බලතල හොබවන ජනාධිපති වරයා පත්කරනු ලබන ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ නිලධාරී තන්ත‍්‍රයක් මගිනි.
බලයට පත්වී වසරක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිඥාව ලැබෙන්නේ ඒ තර්කය මතයග ප්‍රතිඥාව ලබාදුන් පරිදිම එය ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තරය හමුවේද විවිධ ප්‍රතිඥා ලබාදුන්නේයග ඒ අතර මෙරටල විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනයා තුළ ඇතිකළ බලාපොරොත්තු මෙන්ම ඉන්දියාව හමුවේ කළ ප්‍රකාශයේදී කැපී පෙනුණි.
එහෙත් වසරක් ගතවෙද්දි මෙම ප්‍රකාශ හුදෙක් වචන වලට පමණක් සීමා වන බවක් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විවිධ ප්‍රකාශනයන්හි වැනෙන සුළු බවක් පෙනෙන්නට ඇත.
ජනාධිපති වරයා මෙන්ම බිමල් රත්නායක වැනි අමාත්‍යවරු යම් අවස්ථාවක ස්ථිර වශයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවක් ල අප්‍රේල් මාසයට පෙර එය සිදුවිය හැකි බවක් ප්‍රකාශ කිරීම මේ සම්බන්ධයෙන් ජනතාව අතර බලාපොරොත්තු ඉහළ නැංවූ අවස්ථාවක් වියග ඒ අතර 2026 වසර සදහා යෝජිත අයවැය මගින් පළාත් සභා මැතිවරණයට මුදල් වෙන් කිරීම මගින් තව දුරටත් ඒ බලාපොරොත්තු ඉහළ නැංවුණි.
එසේ මුදල් වෙන්කිරීම මගින්, ලබන වසරේ පළමු මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් යොදා ඇතැයි ඊට පෙර අමාත්‍ය බිමල් රත්නායක කිලිනිච්චියේ ජනතාව අමතමින් කළ ප‍්‍රකාශය තවදුරටත් ශක්තිමත් විය.
එක් අතකින් එසේ කරුණු සිදුවන අතර ආණ්ඩුවේ තවත් අමාත්‍යාවරයෙකු මෙන්ම කැබිනට් ප‍්‍රකාශක වරයාද වන නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ කියා සිටියේ මැතිවරණය පවත්වන නමුත් දින වකවානු නිශ්චිතව කිව නොහැකි බවකි.
2026න් යෝජිත අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පිළිබඳ කළ ප‍්‍රකාශය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට අනුරූප වූවකි.
තමන් මැතිවරණය සඳහා බිලියන 10ක මුදලක් වෙන්කර ඇති නමුත් චන්දය පැවැත්වීමට නීතියක් නොමැති බව ඔහු එහිදී කියා සිටියේය. ”ඡුන්දය කවදාදැයි කියලා මට තීරණය කරන්න බෑ. එ්ක තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව. තමුන්නාන්සේලා මට නීතියක් හදල දුන්නොත් මම ඡුන්දයක් තියනවා” යැයි ඔහු කියා පැවසීය. බිලියන 10ක මුදල අයවැයෙන් වෙන් කර ඇත්තේ ඡුන්දය පැවැත්වීමේ අරමුණින් බවත්, පාර්ලිමේන්තුවෙන් නීතිය සම්පාදනය කර දෙන්නේ නම් ඡුන්දය පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
ඒ අනුව දැන් මැතිවරණය පිළිබඳ යථාර්ථය වන්නේ ”ඡුන්දයක් තියන්නට මුදල් ඇතත් ඒ සඳහා නීතියක් නැති නිසා ඡුන්දයක් නැති” බවකි.
හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන මහින්ද දේශප‍්‍රිය ද වත්මන් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකද මෙම තත්වය තහවුරු කර ඇත. මීට අදාළ හිටපු කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශය මෙසේය.
”මුදල් වෙන්කළ පමණින් පළාත් සභා ඡුන්දය තියන්න බෑ. එම තීරණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි. පරණ මනාප සහිත ක‍්‍රමයටම ඡුන්දය තියනවාද නැත්නම් මිශ‍්‍ර සමානුපාත ක‍්‍රමයට තියනවාද යන බව එහිදී තීරණය කළ යුතුය.”
සමන් රත්නායක කොමසාරිස්වරයාද තවත් තැනක එ් අදහසම පළකර තිබිණි. ”පාර්ලිමේන්තුව විසින් නීතිය සම්මත කර දෙනු ලබන අවස්ථාවකදී එ් සම්මත කර දෙනු ලබන නීතියට අනුකූලව ඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්වීමට කොමිසන් සභාව සූදානම් යයි” ඔහු කියා සිටියේය.
මේ අනුව ඉදිරි වසරේ පළමු මාස හය තුළ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ යැයි උතුර නැගෙනහිර ජනයා අමතමින් ආණ්ඩුවේ නියෝජිතයන් කළ ප‍්‍රකාශ මේ වනවිට ආණ්ඩුවේම අභියෝගයට ලක්වී ඇත.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශයක්ද, නලින් ජයතිස්ස අමාත්‍යවරයා කැබිනට් ප‍්‍රකාශක ලෙස මාධ්‍ය අමතමින් කළ ප‍්‍රකාශයන්ද, විෂයභාර අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශ මගින්ද මේ වන විට ප‍්‍රකාශයට පත්ව ඇත්තේ ඡුන්දය පැවැත්වීමට නීතිමය බාධාවක් පවතින බවය.
මෙහිදී මතුවන ප‍්‍රශ්න කිහිපයකි. එනම් පොහොසත් රටක් පිළිබඳව තම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ”බලයට පත්ව වසරක් තුළ ඡුන්දය පවත්වන බව ජනතාවට කීවේ මේ තත්වය පිළිබඳ අවබෝධයකින් තොරවද?
බලයට පත්වීමෙන් පසුව පවා එම ප‍්‍රකාශය කළේ අවබෝධයෙන් තොරවද?
එ් අතර කිසිදු බාධාවෙන් තොරව මැතිවරණය පැවැත්වීම සඳහා විසඳුමක් ලෙස පැරණි ක‍්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීමේ යෝජනාව දේශපාලන පක්ෂ මෙන්ම මෙරට සිවිල් සමාජ සංවිධාන ගණනාවක් විසින්ද මේවන විට රජය වෙත ඉදිරිපත් කර ඇත.
සියලූ සාධක එසේ වන අතරල පාර්ලිමේන්තුවේ 159ක බහුතර බලය තිබෙන්නේද ආණ්ඩුව සතුවය. එවැනි පසුබිමක් තුළ ඡුන්දය පැවැත්වීමට තීරණයක් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවෙන් නම් එසේ විසඳා ගැනීම සඳහා මෙතෙක් ආණ්ඩුව ගෙන ඇති ක‍්‍රියාමාර්ගය කුමක්ද? යන ප‍්‍රශ්නයද මෙහිදී මතුවේ.
එබැවින් තමන්ට පළාත් සභා මැතිවරණයේ අනාගතය පිළිබඳ පැහැදිලිල ස්ථීර අදහසක් ලබාදීමට ඇති බාධාව කුමක්දැයි ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතුය.
ඉදිරි වසරේ පළමු මාස හය තුළ මැතිවරණය පවත්වන බව කියූ ආණ්ඩුව දැන් කියන්නේ ”දින වකවානු හරියට කියන්න බෑ, අවශ්‍ය කෙරෙන නීති සංශෝධන කිහිපයක් ක‍්‍රියාත්මක කළ යුතුව තියෙනවා” යනුවෙනි. එම ප‍්‍රකාශය විධිමත්ව කළ කැබිනට් ප‍්‍රකාශක නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට සමරූපීව යමින් මේ සංශෝධන පාර්ලිමේන්තුව හරහා සිදුවීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත.
ජාතික බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් වසරකුත් ඉක්ම ගොස් තිබියදී ඔවුන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එසේ නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකිවීමෙන් පිළිබිඹු කරන්නේ එහිලා ඔවුන්ගේ දේශපාලන අධිෂ්ඨානයෙහි ඇති දුර්වල භාවයයි.
මෙය රටෙහි නිදහස් මැතිවරණ ක‍්‍රමයට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සංස්කෘතියටද හිතකර තත්වයක් වන්නේ නැත. මෙහිලා ආණ්ඩුවට මෙන්ම විපක්ෂ දේශපාලන බලවේගයන්ටද, සිවිල් සමාජ සංවිධාන සතුවද ඇති වගකීම වන්නේ කඩිනමින් මේ පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනගා පළාත් සභා මැතිවරණය සඳහා නිශ්චිත කාලසටහනක් ප‍්‍රකාශයට පත්කර ගැනීමට පියවර ගැනීමය. තවදුරටත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින මෙම වැනෙන සුළු ප‍්‍රතිපත්තියට ඉඩදිය යුතු නැත. එය රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදි සංස්කෘතියේ යහපතට හේතු නොවන තත්වයකි.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!