ගල්කිස්ස අධිකරණ භූමිය ආශ්‍රිතව පොලිස් කොස්තාපල් වරයකු සහ ජේෂ්ඨ නීතිඥ වරයකු අතර පැන නැගුණු ගැටුම් කාරී තත්ත්වයක් ස්වල්ප මොහොතකින් මුළු රටෙහිම ආන්දෝලනයට ලක් වූ සිදු වීමක් බවට පත්විය. එය හුදෙක්ම පුද්ගල සීමාවෙන් ඔබ්බට යමින් පොලිස් හා අධිකරණ ආයතනයන්හි ව්‍යුහාත්මක ගැටලුවක් ලෙසද , ප්‍රභූ නිර්ප්‍රභූ ගැටුමක් ලෙසද අර්ථ දක්වමින් පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගෙන්නට විය. ඒ උදෙසා වීදි බැස සටන් වදින කණ්ඩායම් ද දක්නට ලැබිණ. මේ සියළු ප්‍රවණතා මෙවර oneword කතිකාවෙහි අවධානයටට ⁣ලක්වේ.