පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන සහ අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් වූ වැඩසටහනක් වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ.එම වැඩසටහන සංවිධානය කරන ලද්දේ Onetext initiative ආයතනය විසිනි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙහි ප්‍රධාන දේශන සිදු කරන ලද අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත්, ඉරාන් වික්‍රමරත්න, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල, හර්ෂණ රාජකරුණා, රෝහිණී කුමාරි කවිරත්න, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ, නීතිඥ චන්දිම වීරක්කොඩි, බුද්ධික පතිරණ, රෝහණ බණ්ඩාර, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා කජේන්ද්‍රන්, තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, අසංක නවරත්න, කේ.පී.එස්.කුමාරසිරි,හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන සමග එක්ව සිටියහ.
Comments (0)
Sign in to leave a comment
No comments yet. Be the first to comment!