අනුර කුමාර ජනාධිපතිවරයා අයවැය දෙවැනි වර කියවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන විට පොල්දූව මං සන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මගෙහි සටන්පාඨ ඔසවාගත් විශ්‍රාමික ගුරු විදුහල්පතින් පිරිසක් සටන්පාඨ ද කියමින් මග දෙපස රැදී සිටියේ මෙසේය .මෙහි පෙළ ගැසී සිටින ඔවුන්ගේ ඉල්ලීම වූවේ තමන්ට අහිමි වූ වැටුප් වර්ධනයන් වහා ලබා දීමට කටයුතු යොදන ලෙසය.

1997 BC පෙරේරා වැටුප් කොමිෂන් සභාව මගින් රාජ්‍ය සේවයට ලබා දුන් වැටුප් වර්ධකය මෙම විශ්‍රාමික ගුරු වෘත්තිකයන්ට ලැබුනේ නැත.

මෙම අසාධාරණය විමර්ශනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කළ සුභෝදනී කමිටුව තමන්ගේ විසදුමක් ලෙස

ඉදිරිපත් කළ යෝජනා මගින් 20% ක් 2022 ජනවාරි සක්‍රීය සේවයේ සිටි ගුරු හා විදුහල්පති වරුන් ට ලබා ගත හැකිවිය.නමුත් මෙම ගැටළුවේ සැබෑ වින්දිතයන් වූ 97 -2021.12.31.පෙර ගුරු හා විදුහල්පතිවරුන්ට එය ලැබුනේ නැත,

පොල්දූව මංසන්ධියේ රැස් වූ විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානය මෙසේ ඉල්ලා සිටින්නේ තමන්ට අහිමි වූ තමන්ගේ අයිතියයි.ඉල්ලීම් දිනා ගන්නා තුරු සටන ඉදිරියට ගෙන යන බව ඔවුහු මෙදින කියා සිටියහ.